වෙබ් හොස්ටින් සේවාවක් ලබාගැනීමේදී සැලකිලිමත් විය යුතු දේවල් මොනවා ද?

ඔබ වෙබ් අඩවියක් ආරම්භ කරන්න තීරණය කල පසු ඔබේ වෙබ් අඩවිය host කිරීම සදහා ඔබ  Web Hosting සේවාවක් තෝරා ගත යුතු වෙනවා. මෙම තීරණය ඔබ ඉතාමත් සැලකිල්ලෙන් ගත යුතු තීරණයකි. නැත්නම් අන්තිමට සිදු වෙන්නේ අමාරුවෙන් හදපු වෙබ් සයිට් එක ටික කාලයක් තිබිලා නැති වී යාමයි. ආර්ථික වශයෙන් පමණක් නොව සමාගමක හෝ ඔබේ කීර්ති නාමයට ද කැළලක් එක් වීමයි එහි ප්‍රතිඵලය.

වෙබ් හොස්ටින් එකක් ලබාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

  • ධාරිතාව (Storage) – වෙබ් හොස්ටින් එකක ප්‍රධාන වශයෙන් ම වැදගත් වෙන කරුණ තමයි ඔබට ලැබෙන ධාරිතාව. සාමාන්‍යයෙන් 500MB සිට ධාරිතාව අනන්තය දක්වා ධාරිතාවන් සේවා සපයන්නන් විසින් ලබා දෙනු ලබනවා.
  • Bandwidth – මාසයක් තුල ඔබට භාවිතා කල හැකි දත්ත ප්‍රමාණය තමයි මෙයින් අදහස් වෙන්නේ. සේවා සපයන්නන් විවිධ ප්‍රමාණයේ bandwidth සහිත පැකේජ ලබා දෙන අතර unlimited bandwidth සහිත පැකේජ ද ඒ අතර වෙනවා. ඔබ යම් සීමාවකට යටත් පැකේජයක් ලබාගත්තේ නම් ඔබගේ එම සීමාවට වැඩ දත්ත භාවිතය වැඩි වූ මොහොතේ ම ඔබේ වෙබ් අඩවිය ක්‍රියා විරහිත වෙනවා. මේ නිසා ඔබේ වෙබ් අඩවියේ භාවිතය අනුව ගැළපෙන තරමක් වැඩි bandwidth එකක් තෝරා ගැනීම සුදුසු වෙනවා.
  • Backup පහසුකම – හදිසියේ හෝ ඔබ විසින් ගබඩා කරන ලද දත්ත විනාශ වීමක් හෝ මැකී යාමක් සිදු උනොත් ඒවා නැවත ලබාගැනීමට වෙනත් තැනක backup කර තිබීම වැදගත් වෙනවා. මේ නිසා සේවා සපයන්නා විසින් backup පහසුකම ලබා දෙනවා ද සහ ලබා දෙන්නේ නම් එහි සීමාවන් මොනවා දැයි දැනුවත් වී සිටිය යුතු වේ.
  • Uptime – සර්වර් අප් ටයිම් යනුවෙන් හඳුන්වන්නේ සර්වර් එක දිගට ක්‍රියා විරහිත වීමකින් තොර ව ක්‍රියාකාරී ව පවතිනා කාලයේ ප්‍රතිශතයට. කාලයෙන් 99.9%ක් ම ක්‍රියාකාරි ව තිබෙන බවට සහතිකයක් ලබා දෙන සේවා සපයන්නෙකුගෙන් සේවාව ලබාගැනීම සුදුසු වෙනවා.
  • ව්‍යාපාර වල නිරත වී ඇති කාලය – සේවා සපයන්නා වැඩි වසර ගණනක් ව්‍යාපාර වල නිරත වී ඇත්නම් විශ්වසනීයත්වය පිළිබඳ යම් අදහසක් ලබාගන්න පුළුවන්
  • පාරිභෝගිකයන් – සේවා සපයන්නා විසින් මේ වන විට පාරිභෝගිකයන් කිදෙනෙකුට සේවා සපයනවා ද යන්න සොයා බැලීම වැදගත් වෙනවා.
  • පාරිභෝගික අදහස් (review) – සේවා සපයන්න පිළිබඳ සේවා ලබාගත් පාරිභෝගිකයන් විසින් ලබා දී ඇති අදහස් විමසා බැලීම මගින් ද ඔබට සේවා සපයන්න පිළිබඳ සහ ලබා දෙන සේවාව පිළිබඳ අදහසක් ලබා ගත හැකි වෙනවා.
  • සහය – සේවා සපයන්න විසින් පාරිභෝගිකයන්ට ලබා දෙන සහය පිළිබඳ අවධානය යොමු කල යුතු වෙනවා. සාමාන්‍යයෙන් හොස්ටින් සේවා සපයන්නෙක් 24/7  ඕනෑම වෙලාවක සහය ලබා දීමට සුදානම් ව සිටිය යුතු වෙනවා.
  • අමතර සේවාවන් – සාමාන්‍යයෙන් වෙබ් හොස්ටින් එකක් මිල දී ගැනීමේ දී Email , විවිධ අමතර සේවා වන් රැසක් ලබාගත හැකි වෙනවා. මේ නිසා ඔබ සේවා සපයන්නෙක් හෝ පැකේජයක් ලබා ගැනීමේ දී ලබා දෙන අමතර සේවා වන් පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වෙනවා.

ඉහත සඳහන් කරපු කරුණු සියල්ල සැලකිල්ලට ගෙන ඔබ පැකේජයක් තෝරා ගැනීම සිදු කල යුතු වෙනවා. ප්‍රධාන ලෙස ම ඔබගේ අවශ්‍යතාවට ගැළපෙන හොස්ටින් එකක් තෝරා ගැනීම වැදගත්. මොකද ඔබේ වෙබ් අඩවිය විශාල පිරිසක් දිනකට පිවිසෙන භාවිත කර අඩවියක් නම් අඩු ධාරිතාවක් සහිත පැකේජයක් තෝරා ගැනිම සුදුසු වෙන්නේ නෑ. ඒ වගේම තමයි සුළු පිරිසක් භාවිත කරන වෙබ් අඩවියක් නම් විශාල ධාරිතාවක් සහිත පැකේජයක් ලබා ගැනිමේන් වාසියක් ලැබෙන්නෙත් නැහැ. මේ නිසා ඔබේ වෙබ් අඩවියේ ස්වභාවය සහ වෙබ් අඩවියේ අවශ්‍යතා වාගේම ඔබට ඒ සඳහා දැරිය හැකි වියදම සැලකිල්ලට ගෙන එයට අවශ්‍ය ධාරිතාව හොස්ටින් වර්ගය ආදී කරුණු තීරණය කිරීම වැදගත්.

GMS Lanka හරහා ඔබගේ වෙබ් අඩවිය සඳහා හොස්ටින්න් පැකේජයක් තෝරා ගැනීම සඳහා පිවිසෙන්න