ගැළපෙන ඩොමේනයක් තෝරා ගන්නේ, මිලදී ගන්නේ කෙසේද ?

ඔබ වෙබ් අඩවියක් නිර්මාණයට පෙර ඩොමේනයක් මිල දී ගැනීමට අනිවාර්‍යයෙන්ම  සිදු කල යුතුයි. මේ විශේෂාංගය තුලින් GMS Lanka ආයතනයේ අප නිවැරදිව ඩොමේනයක් තෝරා ගන්නා ආකාරය සහ මිලදී ගන්නා ආකාරය පිළිබඳ ව ඔබව දැනුවත් කිරීමට අපේක්ෂා කරයි.

ඔබට ගැලපෙන ඩොමේන් එක මොකක්ද?

ඩොමේන් එකක් මිලදී ගන්නා ඕනෑම පුද්ගලයෙක්ටම ව්‍යාපාරයකට ඇතිවන ගැටලුවක් තමා කොහොමද අපිට ගැලපෙනම ඩොමේන් එකක් මිලදී ගන්නේ කියන කාරනය.ඩොමේන් එක තොරාගැනීමේදී විශේෂයෙන්ම සලකා බැලිය යුත්තේ  ඩොමේන් එකේ අකුරු සංඛ්‍යාවයි. ඔබගේ ඩොමේන් එක කෙටියි නම් භාවිතා කරන අකුරු සංඛ්‍යාව අඩුයි නම් ඔබගේ වෙබ් අඩවියේ නම ඔනෑම පුද්ගලයෙක්ට ඉක්මනින් මතකයට එනවා. එය ඔබගේ වෙබ් අඩවියේ සාර්ථකත්වයට ඉහලින්ම බලපාන එක් හේතුවක්. එමෙන්ම වෙබ් අඩවියේ නම පහසුවෙන් උච්චාරණය කිරීමටත් හැකියාව තිබිය යුතුයි.

මොන ඩොමේන් Extension එකද තෝරාගන්න අවශ්‍ය වන්නේ ?

අවශ්‍යතාවය අනුව ඔබට ඩොමේන් Extension එක තොරාගන්න වෙනවා. මේවන විට විවිධ ඩොමේන් වර්ග 800 අධික ප්‍රමාණයක් තිබෙනවා මේවා අතරින් .com/.org/.net යන ඩොමේන වඩාත් ජනප්‍රියයි එමෙන්ම .co/.info/.org යන ඩො‍මේනත් භාවිතාවනවා. එමෙන්ම රටක් නියෝජනය කරන .lk/.in/.uk/.sg වැනි ඩොමේනයන්ද තිබෙනවා ඔබගේ වෙබ් අඩවිය ගෝලීය වශයෙන් ග්‍රාහකයන් අපේක්ෂා කරන වෙබ් අඩවියක් නම්.com ඩොමේන ඒ සඳහා වඩාත් සුදුසු වේ.

ඩොමේනයන් ලියාපදිංචි කරන්නේ කොහොමද ? කොහෙන් ද?

ඩොමේනය ලියාපදිංචි කිරීම සදහා සෑම වසරකම මුදලක් වැයවනවා. ඔබ සෑම වසරකටම වත‍ාවක්ම ඩොමේනය renew කිරීම කිරීම සිදුකර යුතුයි. ඒ සදහාත් ඩොමේනය ලියාපදිංචි කරන මිලට සමාන මුදලක්ම වැයවනවා .

ඩොමේනයක් ලියාපදිංචි කිරීම‍ෙදී ඔබ ඉතා වගකීම් සහගතව සේවය ලබාදෙන ආයතනයකින් එම ඩොමේනය ලිය‍ාපදිංචි කර යුතුයි . ‍ඩොමේන සදහා ලොව විවිධ ආයතන විවිධ මිල ගණන් පවත්වා ගනී. එබැවින් ඔබට ගැලපෙන මුදලට ලබා දෙන පැකේජයක් තෝරා ගැනීමට වග බලා ගන්න.

මොකක්ද who is Protection කියන්නේ ?

ඔබ ඩොමේනය ලියාපදිංචි කරන විට ඔබේ නම, ඊමේල්, දුරකතන අංකය , ලිපිනය ආදී තොරතුරු අදාල ආයතනයට ලබාදෙන්න සිදුවෙනවා ඉතින් එම දත්ත Who is Look up  හරහා ප්‍රසිද්ධ වෙනවා. ඒ හරහා යමෙකුට පුලුවන් ඔබගේ ඩොමේනයේ මෙන් ම ඔබගේ තොරතුරු බලා ගන්න. මේ තොරතුරු සැඟවීම සඳහා ඩොමේන් රෙජිස්ටාර්වරුන් who is Protection සේවාව ලබාදෙනවා. මේ සඳහා ඔබට  අමතර මුදලක් වැය කිරීමට සිදුවනවා

ඩොමේන් එක Renew කරන්න බැරිවුනොත් මොකද වෙන්නේ ?

ඔබ නියමිත කාලය අවසානයේදී මුදල්ගෙවා ඔබගේ ‍ඩොමේනය අලුත් නොකලහොත් අදාල ආයතනය විසින් ඔබගේ ඩොමේනය කැන්සල් කර අලෙවියට යොමු කරනවා . එවිට වෙනත් පුද්ගයයෙකුට ඔබගේ ඩොමේනය මිලට ගත හැකියි.

Domain Transfer කරනවා කියන්නේ මොකක්ද?

ඔබ දැනට ඩොමේනයක් ආයතනයක ලියාපදිංචිකර තිබෙනවානම් ඔබට අදාල ආයතනය ගැන අප්‍රසාදයක් හෝ එම ආයතනයට වඩා හොද ආයතනයකින් සේවාව ලබා ගැනීමට ඔබට ඩොමේනය වෙනත් ආයතනයකට මාරුකිරීම සිදු කර හැකියි.

Domain කියන්නේ මොකක්ද? කියලා ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා GMS Lanka හි අපි විශ්වාස කරනවා. Domain ගැන ඔයාගේ අදහස් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා.