SEO යනු කුමක් ද?

SEO එහෙමත් නැත්නම් search engine optimization කියන්නේ search engine වලට ඔයාගෙ වෙබ් සයිට් එක හසු වීමේ ප්‍රවණතාව වැඩි කිරීමේ ක්‍රියාවලිය කියලා සරල ව හඳුන්වන්න පුළුවන්.

SEO ප්‍රධාන කොටස් දෙකක් ඔස්සේ වර්ග කර දක්වන්න පුළුවන්. On-Page SEO සහ Off-Page SEO විදියට

On-Page SEO

SEO වල සාර්ථකත්වයේ මූලික පදනම රැදි ඇත්තේ On-Page SEO තුළයි. ඔබේ වෙබ් අඩවිය තුළදී සිදුකරණු ලබන Search Engine Optimize කිරීම මෙලෙස හදුනාගන්න පුලුවන්. මේ සදහා අඩංගු වෙන සාධක විදියට keyword research & optimization, content, meta title & description, URL, Image optimization සහ internal links වගේ දේවල් හදුන්වන්න පුලුවන්. මේ දේවල් ඔබගේ වෙබ් අඩවිය rank වෙනවද නැද්ද යන තීරණයට ප්‍රධානම බලපෑම සිදුකරනු ලබනවා.

Off-Page SEO

Off-Page Optimisation කියන්නේ වෙබ් අඩවියෙන් පිටත ඔබට කරන්න පුළුවන් දේවලුයි. තව විදියකින් කිව්වොත් මෙහි optimize වීම සිදුකෙරෙන්නේ website එකට භාහිරිනුයි. Off-Page SEO යතතේ contextual backlinks, guest post, PBN, blog posting, blog comments, article submission, PR submission, social bookmarks & signals වගේ ඒවා හදුන්වන්න පුළුවන්.

SEO වැදගත් වන්නේ ඇයි?

  1. SEO වල තිබෙන ප්‍රධාන වැදගත්කම තමයි අපේ වෙබ්පිටුව වෙත search engine වලින් අමුත්තන් එහෙමත් නැතිනම් organic traffic එකක් ගෙන්වා ගැනීමට ඇති හැකියාව.
  2. SEO කරලා අපිට ඉලක්ක ගත පාරිභෝගිකයින් ගෙන්න ගන්න පුලුවන්. ඒ කිව්වේ ඔබේ වෙබ් අඩවිය විදුලි උපකරණ ගැන නම් විදුලි උපකරණ වලට කැමති අය තම අපිට search engine එකෙන් එන්නේ.  ඕනෑම වෙබ් අඩවියක් තියෙන කෙනෙක්ට අවශ්‍ය වෙන්නේ  ඉලක්ක ගත පාරිභෝගිකයින්. එතනිනුත් ඊ වාණිජ්‍යය වෙබ් අඩවියක් තියෙන අය විශේෂයි. ඊ වාණිජ්‍යය වෙබ් අඩවියක් තියෙන කෙනෙක්ට ඉලක්ක ගත පාරිභෝගිකයින් කියන්නේ අත්‍යවශ්‍යම දෙයක් තමන්ගේ ව්‍යාපාරයට අදාලව කැමැත්තක් දක්වන පාරිභෝගිකයින් තමන්ගෙ වෙබ් අඩවියට එකට එන එක, මොකද එහෙම අයගෙන් තමයි business එකට sale එකක් එන්න අවස්ථාව තියෙන්නේ.
  3. search engine optimise වෙන විදියට වෙබ් අඩවිය හදා ගත් විට කිසිම ගෙවීමක් කරන්නේ නැතිව ම කාලයක් එක්ක ranking වල උඩට එන්න පුළුවන් වීම එමගින් Online තමාගේ අදායම වැඩි කරගැනීමේ හැකියාව. 

SEO කියන්නේ මොකක්ද? SEO වැදගත් වන්නේ ඇයි? කියලා ඔබට පැහැදිලි වෙන්න ඇති කියලා GMS Lanka හි අපි විශ්වාස කරනවා. SEO ගැන ඔයාගේ අදහස් පහලින් comment කරන්නත් අමතක කරන්න එපා.