ඔබ ගුණාත්මක වෙබ් අඩවියක් සඳහා ආයෝජනය කළ යුත්තේ ඇයි ?

වර්තමාන ආර්ථිකය තුළ, සෑම තරාතිරමක ව්‍යාපාරවල හිමිකරුවන් ඔවුන්ගේ අයවැයෙන් අවම මිලක් වැය වන ක්‍රම මගින් මුදල් ඉතිරි කර ගැනීමට විකල්ප සොයමින් සිටිති. කෙසේ වෙතත්, වෙබ් අඩවි නිර්මාණය සඳහා අවම මිලක් වැය වන ක්‍රම භාවිතා කිරීම හෝ අවම පිරිවැයක් වෙන් කිරීම ඔබ කරනු ලබන බරපතළ වැරැද්දකි.

මෙම ලිපියෙන් GMS Lanka වන අපගේ අරමුණ වන්නේ ඔබේ අලෙවිකරණ අරමුණු ඉටු කර ගැනීමට ගුණාත්මක වෙබ් අඩවියක ආයෝජනය කිරීමට අවශ්‍ය වන ප්‍රධාන කරුණු 10ක් පිළිබඳ ව ඔබගේ අවධානය යොමු කිරීමයි.

# 1 – ඔබේ තරඟකරුවන් හට වෙබ් අඩවියක් පැවතීම

මෙය පළමු කරුණ වන්නේ ඔබේ තරඟකරුවන් මාර්ගගතව සිටින අතරේ ඔබ එසේ  මාර්ගගතව නො සිටින නිසා ඒ මගින් ඔබට පාරිභෝගිකයන් අහිමි වන අතර ඔවුන් ඔබගේ තරගකරුවන් වෙත යෑමේ වැඩි නැඹුරුතාවයක් දක්වයි

අනෙක් අතට, ඔබේ තරඟකරුවන්  හට වෙබ් අඩවියක් නොමැති නම්, ඔබට වෙබ් අඩවියක් තිබීම මගින් පාරිභෝගිකයාට වඩාත් ප්‍රවේශ විය හැකි අතර ඔබේ තරඟය ජය ගැනීමට ඔබට අවස්ථාවක් ලබා දෙයි. 

ඔබට ගුණාත්මක වෙබ් අඩවියක් නොමැති නම්, ඔබේ ව්‍යාපාරය වර්ධනය කිරීමට ඔබට විශාල අවස්ථාවක් අහිමි වේ.

# 2 – පුද්ගලයින් ඔබ ගැන අන්තර්ජාලය තුල සොයනු ඇත

වර්තමාන වෙළඳපොලේදී, පාරිභෝගිකයින් යම් අවස්ථාවක දී ඔබේ ව්‍යාපාරය අන්තර්ජාලය හරහා සොයනු ඇත. මොවුන් ඔබව සොයා ගැනීමට කැමති ගනුදෙනුකරුවන් වන අතර, ඔබ මාර්ගගතව නො සිටින්නේ නම්, ඔවුන් ඔබව සොයා ගන්නේ කෙසේ ද? වෙබ් අඩවියක් නොමැති වීමෙන්, ඔබ වක්‍රාකාරයෙන් පාරිභෝගිකයාට දැනුම් දෙන්නේ ඔබ ඔවුන් වෙත ප්‍රවේශ වීමට අකමැති බවයි. ඔබ දුරකථනයක් නොමැතිව ව්‍යාපාරයක් පවත්වා ගෙන යනවා ද? නැහැ නේද? ඔබ එසේ කරන්නේ නැහැ! ගුණාත්මක වෙබ් අඩවියක් නොමැතිව අනවශ්‍ය අවදානමක් ඔබ ගන්නේ ඇයි?

# 3 – ඔබේ ව්‍යාපාරය 24X7 පුරාම විවෘතයි

ඔබේ භෞතික ව්‍යාපාරික ස්ථානය විවෘත විය හැක්කේ නිශ්චිත පැය හා දින ගණනක් සඳහා පමණි. වෙබ් අඩවියක් සමඟ, ඔබ ගනුදෙනුකරුවන්ට දිනකට පැය විසිහතරක්, සතියේ දින හතක් පුරා ඔබට සම්බන්ධ විය හැකිය. වෙබ් අඩවියක් තිබීම මගින් පාරිභෝගිකයින්ට සාමාන්‍ය ව්‍යාපාරික වේලාවෙන් පිටත ඔබව සම්බන්ධ කර ගැනීමට ඉඩ සැලසෙයි. ඔබ භෞතික නිෂ්පාදන විකුණන්නේ නම්, ඔවුන්ට පැමිණීමට නො හැකි වූ විට හෝ නිවසේ සිට සාප්පු යාමේ අවශ්‍යතාව ඇති විටක ඔබගේ වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් පාරිභෝගිකයින්ට ඔබෙන් භාණ්ඩ හෝ සේවාවන් මිල දී ගැනීමට ක්‍රමයක් සපයයි.

# 4 – වෙළඳ දැන්වීම් සඳහා වෙබ් අඩවි විශිෂ්ඨ පසුබිමක් සපයයි

ඔබේ වෙළඳ ප්‍රචාරණ අයවැය කපා හැරීමට අවශ්‍ය වූ විට, ඔබේ වෙබ් අඩවිය සංවර්ධනය කිරීමට වෙන් කොට ඇති අරමුදල් ගන්න එපා. ගුණාත්මක වෙබ් අඩවියක් මඟින් ඔබේ පාරිභෝගිකයින් වෙත ළඟා වීමට නොයෙකුත් අවස්ථා නිර්මාණය කර දෙයි. ඔබේ නිෂ්පාදන හෝ සේවාවන් ප්‍රචාරය කිරීමට පමණක් නොව, ඔබ කවුරුන්ද? යන්න සහ ඔවුන් ඔබෙන් මිල දී ගත යුත්තේ ඇයි ද? යන්න ප්‍රචාරය කිරීමට ද ඔබට හැකි වේ. වෙබ් අඩවියක් යනු ඔබේ නිෂ්පාදන හෝ සේවාවන් කුමක් දැයි සක්‍රියව සොයන පාරිභෝගිකයින් හට හඳුන්වා දීමට  සහ ඔබ වෙත ළඟා වීමට අවස්ථාවක් ලබා දෙන ප්‍රවේශ පත්‍රයක් වැනි ය. වෙබ් අඩවියක් තරම් පාරිභෝගිකයාට ඵලදායී ලෙස භාවිත කිරීමට පහසු ලාබ දායි වෙනත් වෙළඳ ප්‍රචාරණ මාධ්‍යයක් නොමැති තරම් ය.

# 5 – ඔබේ වෙළඳ නාමයේ ප්‍රතිරූපය ගොඩනැගීම

ඔබ නව ව්‍යාපාරයක්, කුඩා ව්‍යාපාරයක් හෝ විශාල ව්‍යාපාරයක් වේවා, ඔබේ ඉලක්කය වන්නේ ඔබේ වෙළඳ නාමය පිළිබඳ ව පාරිභෝගිකයා දැනුවත් කිරීමයි. හොඳින් සැලසුම් කරන ලද වෙබ් අඩවියක ආයෝජනය කිරීමෙන් ඔබට පාරිභෝගිකයා කෙරෙහි විශ්වාසයක් ඇති කළ හැකි අතර ඔබ ව්‍යාපාරය තරගකරුවන් අතරේ කැපී පෙනෙනු ඇත. ඔබට වෙබ් අඩවියක් ඇති බවට පාරිභෝගිකයින් අපේක්ෂා කරන අතර, ඔබ සතුව වෙබ් අඩවියක් නොමැති නම් හෝ එය උසස් තත්ත්වයේ නොමැති නම්, ඔබ ඔබේ වෙළඳ නාමයේ කීර්ති නාමයට හානි කරයි.

# 6 – ඔබේ විකුණුම් වර්ධනය කිරීම

ඔබ භෞතික නිෂ්පාදන අලෙවි කළත්, ඔබේ සේවාවන් ප්‍රවර්ධනය කළත්, ඔබට වෙබ් අඩවියක් නොමැති නම්, ඔබට විශාල ව්‍යාපාර ප්‍රමාණයක් අහිමි වේ. ගුණාත්මක වෙබ් අඩවියක ආයෝජනය කිරීම ඔබේ නිෂ්පාදන හෝ සේවාවන් පාරිභෝගිකයාට වඩාත් ආකර්ෂණීය ආකාරයකින් පෙන්වීමෙන් ඔබේ ලාභයට මහත් සේ උපකාරී වනු ඇත.

# 7 – ඔබේ ගනුදෙනුකරුවන්ගෙන් අවබෝධයක් ලබා ගැනීම

ආකෘති පත්‍ර, සමීක්ෂණ සහ ප්‍රශ්නාවලියක් භාවිතා කරන වෙබ් අඩවි තාක්ෂණය සඳහා ආයෝජනය කිරීම මගින්, ඔබට ඔබේ වෙබ් අඩවිය විශිෂ්ඨ අලෙවිකරණ මෙවලමක් බවට පත් කර ගත හැක. ඒ මගින් ඔබට ඔබේ ගනුදෙනුකරුවන් හෝ පාරිභෝගිකයින්ගේ ආශාවන්, සිතුම් පැතුම් මෙන් ම ඔවුන් ඔබේ නිෂ්පාදන හා සේවාවන් පිළිබඳ දක්වන දැක්ම ආකල්ප පිළිබඳ වටිනා තොරතුරු ඔබට ලබා ගැනීමට අවස්ථාව සලසයි.

# 8 – නව ඉලක්ක වෙළඳපල කරා ළඟා වීම

වෙබ් අඩවියක් තිබීමෙන් ඔබට ලබා ගත හැකි වටිනා තොරතුරු සමඟ, ඔබට පෙර ළඟා වීමට නො හැකි වූ නිශ්චිත ඉලක්ක වෙළඳපළ වෙත ළඟා වී ඔබේ ව්‍යාපාරය වර්ධනය කර ගත හැකිය. වෙබ් අඩවියක ආයෝජනය කිරීමෙන්, ඔබ තවදුරටත් ඔබ කුඩා ව්‍යාපාරයක් නොවේ! ඔබට දැන් ලොව පුරා මිලියන ගණනක් අන්තර්ජාල භාවිතා කරන්නන් ආකර්ෂණය කර ගැනීමට හැකිය.

# 9 – අමතර ආදායම් සඳහා අවස්ථා නිර්මාණය කිරීම

වෙබ් අඩවියක ආයෝජනය කිරීම හරියට ඔබේ ව්‍යාපාරය සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන විකුණුම් කරුවෙකු බඳවා ගැනීම හා සමානයි. ඔබට පාරිභෝගිකයින්ට නිෂ්පාදන සමාලෝචනය කිරීමට, සාප්පු යෑමට, ඇණවුම් කිරීමට සහ ඔවුන්ගේ බිල් ගෙවීමට ඉඩ සලසන මාර්ගගත (online) වෙළඳසැලක් පවත්වා ගෙන යාම මගින් ඔබ පාරිභෝගිකයාට ගනුදෙනු කිරීම පහසු කර ඇත

ඔබේ වෙබ් අඩවිය නාමාවලියක් ලෙස ක්‍රියා කරන අතර නවීන තාක්‍ෂණයන් උපයෝගී කර ගැනීමෙන් පාරිභෝගිකයාට ඔබේ සමාගම පිළිබඳ වැඩි විශ්වාසයක් ඇති කළ හැකිය.

# 10 – පාරිභෝගිකයා සමඟ සන්නිවේදනය වැඩි දියුණු කිරීම

සන්නිවේදනය වැඩිදියුණු කිරීම සහ පාරිභෝගිකයාට ඔබ සමඟ සන්නිවේදනය කිරීම පහසු කිරීම ඔබගේ ව්‍යාපාරය දියුණු වීමට බලපාන ප්‍රධාන කාරණයකි

ගුණාත්මක වෙබ් අඩවියක ආයෝජනය කිරීමෙන් ඔබේ ව්‍යාපාරය වැඩි දියුණු කර ගත හැකි අතර පිරිවැය අඩු කිරීම සහ ලාභදායී විකල්ප සඳහා යාම ඔබට, ඔබේ ව්‍යාපාරය උදව් කළ හැකි ප්‍රමාණයට වඩා ඔබට, ඔබේ ව්‍යාපාරයට පාඩු ගෙන දිය හැකිය.

සැම විටම මතක තබා ගන්න, ඔබේ ව්‍යාපාරය කරන දේ ඔබ පාලනය කරයි, නමුත් පාරිභෝගිකයා ඔවුන් ඔබ සමඟ ව්‍යාපාරයක් කරන්නේ ද යන්න පාලනය කරයි !

ගුණාත්මක වෙබ් අඩවියක් GMS Lanka හරහා නිර්මාණය කර ගැනීම සඳහා අපගේ වෙබ් අඩවි සංවර්ධන පැකේජයන් වෙත පිවිසෙන්න