ඔබේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් අවශ්‍ය වන්නේ ඇයි

ඔබගේ ම වෙබ් අඩවියක් නොමැතිව ව්‍යාපාරයක් පවත්වා ගෙන යනවා ද? මෙම ලිපියෙන් GMS Lanka වන අපගේ අරමුණ වන්නේ ඔබේ ව්‍යාපාරයට වෙබ් අඩවියක් අවශ්‍ය වීමට හේතු හා එම නිසා ඔබට අහිමි වී ඇති ස්වර්ණමය අවස්ථා පිළිබඳ ඔබ ව දැනුවත් කිරීමයි.

1. ඔබේ ගනුදෙනුකරුවන් ඔබ විසින් වෙබ් අඩවියක් පවත්වා ගෙන යාම අපේක්ෂා කරයි

නවතම සමීක්ෂණයට අනුව සෑම පාරිභෝගිකයින් දස දෙනෙකුගෙන් හය දෙනෙක් ම යම් ආකාරයක ඩිජිටල් ක්‍රමයක් මාර්ගයෙන් ඔබගේ වෙළඳ නාමය හා ව්‍යාපාරය පිළිබඳ තොරතුරු මාර්ග ගත කර (online) ලබා දෙනු ඇතැ යි අපේක්ෂා කරති. නිෂ්පාදන තොරතුරු සෙවීම සඳහා 80% වඩා පාරිභෝගිකයින් කෙළින්ම අදාළ සන්නාමයේ (brand)වෙබ් අඩවියට පිවිසීමට උත්සුක වේ.

2. සබැඳි සමාලෝචන (online reviews) මගින් ඔබගේ පැවැත්ම තහවුරු කරයි

පාරිභෝගිකයින්ගෙන් 90% ක් කියා සිටින්නේ සබැඳි සමාලෝචන (online reviews) ඔවුන්ගේ මිලදී ගැනීමේ තීරණ වලට බලපෑම් කරන බවයි. ඔබේ වෙළඳ නාමය සඳහා සමාලෝචන (online reviews)  පැවැත්වීම සඳහා ඔබට Facebook, Yelp සහ වෙනත් සමාලෝචන අඩවි මත විශ්වාසය තැබිය හැකි නමුත් ඔබේ වෙබ් අඩවියෙන් ම ඒම අවස්ථාව උදා කර දීමෙන් එක ගලකින් කුරුල්ලන් දෙදෙනෙකු මරා දැමිය හැකිය.

3. ඔබ ගැන අන් අය පවසන දේ පාලනය කල හැකි වීම

සමාජ මාධ්‍ය නාලිකා වල ඔබ ගැන අන් අය පවසන දේ ඔබට පාලනය කළ නො හැකි බව සත්‍යයකි, නමුත් ව්‍යාපාරික වෙබ් අඩවියක් හරහා ඔබේ ම කතාවක් නිර්මාණය කිරීමෙන් ඔබට මහජන මතයට බලපෑම් කළ හැකිය.

4. ඔබේ තරඟකරුවන් සියල්ලන්ට ම සමාගම් වෙබ් අඩවි තිබීම

අධ්‍යයනවලින් පෙනී යන්නේ පාරිභෝගිකයෙකුට තමන්ට අවශ්‍ය දේ පිළිබඳ අදහසක් ඇති වූ විට, ඔවුන්ගෙන් 72% ක් තොරතුරු, සමාලෝචන සහ සහතික සොයා ගැනීමට අන්තර්ජාලය උපයෝගී කර ගනී.

එබැවින් ඔබ වෙබ් අඩවියක් පවත්වා ගනිමින් ඔබේ තරඟකාරී ව්‍යාපාර සමඟ තරඟ නො කරන්නේ නම්, වෙනත් වෙළඳ ව්‍යාපාරයකින් මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට හේතුවක් ලබා දෙයි.

5. ඔබගේ ව්‍යාපාරය සෑම විටම ගනුදෙනු සඳහා විවෘතව තබා ගත හැකි වීම

පාන්දර 3 ට වැඩ කිරීමට කිසිවකුට අවශ්‍ය නැත, නමුත් සමහර අය එම වෙලාවට සාප්පු යෑමට ප්‍රිය තාවයක් දක්වයි. ව්‍යාපාරික වෙබ් අඩවියක් හෝ ඊ වාණිජ්‍ය වෙළඳසැලක් තිබීම මගින් ඔබට සෑම වේලාවක ම තම නිෂ්පාදන අලෙවි කළ හැකිය. එය හුදෙක් උදේ 9 සිට පස්වරු 5 දක්වා කාලය සඳහා පමණක් සීමා නොවේ.

6. ඔබගේ ව්‍යාපාරය ගූගල් සෙවුම් ප්‍රතිඵල වල පෙන්නුම් කරනු ඇත

පාරිභෝගිකයින්ගෙන් 81% ක් මිල දී ගැනීමට පෙර පරිඝණක හෝ ජංගම දුරකතනය උපයෝගී කර ගනිමින් තොරතුරු ගවේෂණයක්  සිදු කරයි. ඒ සඳහා ඔවුන් බහුල ලෙස භාවිතා කරන්නේ ගූගල් සෙවුම් යන්ත්‍රයයි.

ඔබේ ව්‍යාපාරය සඳහා වෙබ් අඩවියක් නොමැති නම්, සෙවුම් යන්ත්‍ර ප්‍රතිඵල පිටුවේ (SERP) ඔබේ නිෂ්පාදන සහ සේවාවන් පෙන්වීමේ අවස්ථා ශුන්‍ය වේ.

7. ඔබේ නිෂ්පාදන සහ සේවාවන් ප්‍රදර්ශනය කරන්න

ඔබට ඔබේ නිෂ්පාදන හා සේවාවන් පිළිබඳ ව රූප සමඟ විස්තරාත්මක ව දැක්වීමට හැකි වන අතර, මිල දී ගැනීමට පසුබට වන ගනුදෙනුකරුවන් පොළඹවා ගැනීමට කෙටි වීඩියෝ නිබන්ධන හෝ බාගත කළ හැකි PDF උපදෙස් ලබා දිය හැකිය.

ගුණාත්මක වෙබ් අඩවියක් GMS Lanka හරහා නිර්මාණය කර ගැනීම සඳහා අපගේ වෙබ් අඩවි සංවර්ධන පැකේජයන් වෙත පිවිසෙන්න