සයිබර් හිරිහැර කිරීම හෙවත් Cyberbullying

සයිබර් හිරිහැර කිරීම හෙවත් Cyberbullying යනු කුමක් ද?

තාක්‍ෂණය උපයෝගී කර ගනිමින් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් වෙත හිරිහැර කිරීම සයිබර් හිරිහැර කිරීම හෙවත් Cyberbullying ලෙස හඳුන්වයි. සයිබර් හිරිහැර කිරීම් ඕනෑම තැනක දී, ස්මාර්ට් ෆෝන්, ඊමේල් හෝ සමාජ මාධ්‍ය හරහා දවසේ පැය 24 පුරාම සිදු විය හැකියි.

සාම්ප්‍රදායික හිරිහැර කිරීම් මෙන් නොව, සයිබර් හිරිහැර කිරීමට මුහුණට මුහුණ සම්බන්ධ වීම අවශ්‍ය නොවන අතර වරකට සාක්ෂිකරුවන් (දකින/හෝ අත්විඳින පිරිස) අතළොස්සකට පමණක් සීමා නොවේ.

අන්තර්ජාල සම්බන්ධතාවක් හෝ ජංගම දුරකථනයක් ඇති ඕනෑම කෙනෙකුට බොහෝ විට ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය හෙළි නො කර වෙනත් කෙනෙකුට සයිබර් හිරිහැර කළ හැකිය. එයට ස්ථානයක් වෙලාවක් අවශ්‍ය නැත, කෙනෙකුට සයිබර් හිරිහැර කිරීම ඕනෑම තැනක සිට කළ හැකිය.

Cyberbullying සඳහා භාවිතා කරන ක්‍රම ඔවුන්ට ප්‍රවේශ විය හැකි තාක්‍ෂණය මත ඒවා වෙනස් විය හැකිය.  ඒවා ඊමේල්, සමාජ මාධ්‍ය, හෝ SMS හරහා තර්ජනාත්මක හෝ නින්දා අපහාස පණිවිඩ යැවීමේ සිට ඔබේ විද්‍යුත් තැපැල් ගිණුමට ඇතුළු වීම හෝ ඔබට රිදවීම සහ අවමානයට පත් කිරීම සඳහා ඔබේ Digital අනන්‍යතාවය සොරකම් කිරීම දක්වා විය හැකිය. සමහර Cyberbullying සඳහා ඔබව ඉලක්ක කර ගැනීම සඳහා වෙබ් අඩවියක් හෝ සමාජ මාධ්‍ය පිටුවක් පවා නිර්මාණය කළ හැකිය.

පිරිමි හා ගැහැණු ළමයින් සයිබර් හිරිහැර කිරීමේදී එය විවිධ ආකාරවලින් දැක ගත හැකිය. පිරිමි ළමයින් බොහෝ විට ලිංගිකත් වය පදනම් කර ගන්නා අතරම ඇතැම් විට ශාරීරිකව හානියක් හිරිහැරයක් කරන බවට තර්ජනාත්මක පණිවිඩ මගින් හිරිහැර කිරීමට පෙලඹේ. ගැහැනු ළමයින්, සයිබර් හිරිහැර කරන්නේ බොරු හා කටකතා පතුරවා හැරීමෙන්, ඔබේ රහස් හෙළි කිරීමෙන් හෝ සමාජ මාධ්‍ය කණ්ඩායම්, ඊමේල්, මිතුරන්ගේ ලැයිස්තු සහ වෙනත් දේවලින් ඔබව බැහැර කිරීමෙනි.

සයිබර් හිරිහැර කිරීම ආරම්භ වීමට පෙර එය වළක්වන්න

සයිබර් හිරිහැර කිරීම පැවැත්විය හැකි හොඳම ක්‍රමයක් නම් ගැට‍ළුව ආරම්භ වීමට පෙර එය වළක්වා ගැනීමයි. එනම් තාක්ෂණයෙන් ආරක්ෂාකාරී ව සිටීමයි.

  • සයිබර් හිරිහැර කිරීමේ පණිවිඩ යැවීම ප්‍රතික්ෂේප කරන්න.
  • සයිබර් හිරිහැර කිරීම නවත්වන ලෙස මිතුරන්ට කියන්න.
  • (Cyberbully) සයිබර්බුලි සමඟ සන්නිවේදනය අවහිර කිරීම, පණිවිඩ කියවීමෙන් තොරව මකන්න.
  • ඔබගේ පුද්ගලික තොරතුරු හෝ මිතුරන්ගේ පුද්ගලික තොරතුරු මාර්ගගතව පළ නොකරන්න.
  • ඔබ හැර වෙන කිසිවෙකු සමඟ අන්තර්ජාල මුරපද බෙදා නොගන්න.
  • ඔබගේ පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු අන්තර්ජාලය තුල ඵල නොකරන්න.
  • අන් අය දැකීමට අකමැති කිසිවක් අන්තර්ජාලයට මුදා නොහරින්න.
  • ඔබ කෝප වූ විට හෝ කලබල වූ විට පණිවිඩ නොයවන්න.
  • සෑම විටම ඩිජිටල් මාධ්‍ය තුළ අන් අයට ආචාරශීලී වන්න.